
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරටට ආනයනය කරන කරවල,හාල්මැස්සන් සහ පළතුරුවල බැර ලෝහ වන ඊයම් හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය විසින් 2021-2022 තුළ ක්‍රියාත්මක කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල, හාල්මැස්සන් සහ පළතුරුවල බැර ලෝහ වන ඊයම් හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බව අනාවරණය වී ඇත.
මෙම තත්වය මහජන සෞඛ්‍යයට හානි කර බැවින් කරවල, හාල්මැස්සන් හා පළතුරු ආනයනයේදී බැර ලෝහ හා ආසනික් මට්ටම් පරීක්ෂා කිරීමත් ආනයනික පළතුරු වල අඩංගු බැර ලෝහයක් වන ඊයම් (Lead ) ප්‍රතිශතය පිලිබඳව පරීක්ෂා කිරීම 2023 ජූනි 01වැනිදා සිට අනිවාර්ය කර තිබේ.
එසේම ශ්‍රී ලංකාවට කරවල, හාල්මැස්සන් ආනයනයේදී බැර ලෝහ ආසනික් වැනි විෂ ද්‍රව්‍ය ද පළතුරු ආනයනයේදී ලෙඩ් ඇතුළු බැර ලෝහද තිබිය හැකි අවම ප්‍රමාණයට වැඩිපුර අඩංගුව නැති ආහාර ද්‍රව්‍ය පමණක් ආනයනයට අදාළ සමාගම් හා පුද්ගලයන් වගබලා ගතයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය ඔවුන්ට දැනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart