
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජිමී කාටර් වයස අවුරුදු 100 දී මියගොස් ඇත.
එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙකුට වඩා වැඩි කාලයක් ජීවත් වූ අතර පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔහුගේ 100 වැනි උපන්දිනය සැමරීය.
ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින ‘කාටර් මධ්‍යස්ථානය’ පැවසුවේ ඔහු ඉරිදා පස්වරුවේ ජෝර්ජියාවේ ප්ලේන්ස් හි පිහිටි ඔහුගේ නිවසේදී මියගිය බවයි.
මෙම සුපිරි ඩිමොක්‍රටික් පාක්ෂිකයා 1977 සිට 1981 දක්වා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස සේවය කළේය. එය ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික අර්බුදවලින් පිරීගිය කාල පරිච්ඡේදයකි.
ඔහුගේ පසුකාලින මානුෂීය කටයුතු තුළින් ඔහුගේ කීර්තිය ලොව පුරා පැතිරුණු අතර එමඟින් ඔහුට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart