
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරටට පැමිණි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල නියෝජිත කණ්ඩායම අද(11) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම අවස්ථාව සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ මසහිරෝ නොසාකි සහ එහි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් යන පිරිස ද එක්වී තිබේ.
මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට පෙර උපදේශන සාකච්ඡාවක් සඳහා මෙම නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණි අතර ඔවුන් මැයි 23 වනදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart