
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පවසන්නේ, එහි විධායක මණ්ඩලය අඟහරුවාදා (දෙසැ.12) ශ්‍රී ලංකාව සඳහා මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධාන යටතේ පළමු සමාලෝචනය සම්පූර්ණ කළ බවයි.
මෙලෙස පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීම, අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ ණයෙ මුදලෙහි අපේක්ෂිත දෙවැනි වාරිකය වන SDR මිලියන 254 (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 337) නිකුත් කිරීමට මග පාදයි.
ඒ අනුව, මෙතෙක් ලබා දී ඇති මුළු IMF මූල්‍ය ආධාරය SDR මිලියන 508 (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 670) දක්වා ඉහළ යනු ඇත.
විධායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව නිකුත් කරන ලද නිවේදනයක, IMF හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සඳහන් කර ඇත්තේ, IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ‘සතුටුදායක’ බවයි.
අපේක්ෂිත කාල සීමාවේදී බදු ආදායම හැර අනෙකුත් සියලුම දර්ශක ශ්‍රී ලංකාව විසින් සපුරා ඇති බවද IMF වැඩිදුරටත් පෙන්වාදී ඇත.
මේ අතර මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කර ඇති බව සතුටින් ප්‍රකාශ කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart