January 30, 2026

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සමාලෝචනය කිරීමට සහ මෑතකදී සිදුවූ ස්වාභාවික විපත්වලින් පසු සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සඳහා කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙම සංචාරයේ නිරතවන බව IMF ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට පැමිණි IMF නියෝජිත පිරිසට නායකත්වය දෙමින් ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසා ඇත්තේ, කළමනාකාර අධ්‍යක්ෂවරියගේ ඉදිරි සංචාරයේ අරමුණ වන්නේ IMF සහාය ලබන වැඩසටහන යටතේ ප්‍රගතිය පිළිගැනීම සහ ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සෘජුවම සහාය වීම බවයි.

“වැඩසටහනේ සාර්ථකත්වය බැලීමට සහ ඔබ සමඟ අප ඇති සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට ඇය මෙහි පැමිණෙනු ඇත,” ඔහු ජනවාරි 28 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායකට පවසා තිබේ.