
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇතිකරගත් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ ගිවිසුම අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත්කම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දල වීරසිංහ ඊයේ අවධාරණය කළේය.
ඊයේ පස්වරුවේ පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආචාර්ය වීරසිංහ පැහැදිලි කළේ, ණය සහන සහ අවශ්‍ය අන්තර්ජාතික මූල්‍ය සහාය ලබා ගැනීම සඳහා EFF වැඩසටහන ඉදිරි වසර හතර සඳහා ඕනෑම ආණ්ඩුවක් යටතේ අඛණ්ඩව පැවැතිය යුතු බවයි.
IMF-EFF ගිවිසුමින් ඒකපාර්ශ්විකව ඉවත්වීම බරපතල ප්‍රතිවිපාකවලට තුඩු දෙනු ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.
“මෙම දුෂ්කර සහ පටු මාවත ඔස්සේ ගමන් කිරීම අභියෝගාත්මක වුවද, මෙම මාර්ගයෙන් ඉවත්වීම මූල්‍ය පද්ධතියට සහ ආර්ථිකයට අහිතකර හා ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක ගෙන එනු ඇත.” යැයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී එළිදැක්වූ නවතම වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart