
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී මත්පැන් පානය කරන ලද සිවුදෙනකුගෙන් දෙදෙනෙකු මියගොස් අනෙක් දෙදෙනා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
මත්තක, මාරක්ගොඩ පදිංචි 60 හැවිරිදි රියැදුරකු සහ76 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත.
පිටිගල, පොලිස් වසමේ මත්තක පදිංචි පුද්ගලයකුගේ නිවසේදී රාත්‍රියේ මෙම සිවුදෙනා නීතිවිරෝධි මත්පැන් බෝතලය පානය කර ඇති අතර, පසුව ඔවුන්ට ඇති වූ අසාත්මිකතාවන් හේතුවෙන් ඔවුන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කරනු ලැබේ තිබේ.
මේ අතර බරපතළ තත්ත්වයෙන් පසුවන 64 හැරිදි පුද්ගලයකු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති අතර මත්පැන්
බෝතලය ගෙනැවිත් ඇත්තේ ඔහු බවද අනාවරණය වී තිබේ.
අනෙක් පුද්ගලයාද මේ වන විට ඇල්පිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවද පොලිසිය පවසයි.
පිටිගල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.(අද)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart