
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවසානයේ සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි.
අද දිනයේ සිට තමා මෙලෙස විශ්‍රාම ගන්නා බව සී.ඩී. වික්‍රමරත්න මෙලෙස දැනුම්දී ඇත්තේ, ජනාධිපතිවරයා විසින් ඔහුට ලබාදුන් සිව්වන සේවා දිගුවද අවසන් වීමෙන් අනතුරුවය.
පසුගිය නොවැම්බර් 03 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සී.ඩී. වික්‍රමරත්නට ලබාදී තිබූ සති 03ක ඔහුගේ අවසන් සේවා දිගුව ඊයේ(24) දිනයෙන් අවසන් විය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට මෙලෙස සේවා දිගු හිමිව තිබුණේ ඔහුගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබු පසුබිමක ජනාධිපතිවරයාගේ අභිමතය පරිදිය.
කෙසේවෙතත් නව පොලිස්පතිවරයා ලෙස පත්කෙරෙන මීළඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart