
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුවත්පතක පළකරන ලද වැරදි තොරතුරක් සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලය විසින් නියෝගයක් ලබාදුන හොත්, එම නියෝගය ඒ ආකාරයෙන්ම, අදාළ පුවත විකාශය කළ විද්‍යුත් ජනමාධ්‍ය ආයතනවලටද බලපැවැත්වෙන ආකාරයට 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
මේ සම්බන්ධයෙන්, මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ඇමැති නලින්ද මෙසේ සඳහන් කළේය.
“පුවත්පතක පළකරන ලද වැරදි තොරතුරක් පුවත්පත් මණ්ඩලය විසින් නිවැරදි කිරීමෙන් අනතුරුව, එය අදාළ පුවත්පතේ පමණක් නිවැරදි කිරීම ප්‍රමාණවත් වෙන්නේ නෑ. මොකද ඒ පුවත්පත විද්‍යුත් මාධ්‍ය සහ අන්තර්ජාලය මගින් ප්‍රකාශයට පත්කරනවා. ඒ අනුව පුවත්පත් මණ්ඩලය යම් නිවැරදි කිරීමක් සඳහා නියෝගයක් ලබාදුන්ණොත්, ඒ පුවත කියවන ලද විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍යත් ඒ කටයුත්ත කළ යුතුයි කියන කාරණය වෙනුවෙන් තමයි මේ පනත් කෙටුම්පත් සංශෝධනය වෙන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart