
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් විදේශිය ගුවන් නියමුවන් බඳවා ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන්සේවය ඉදිරියට පවත්වාගෙන යන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේය.
එසේම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආයතනයේ පරිපාලන තීන්දු ගැනීමට අයෝජකයාට සම්පූර්ණ ඉඩකඩ ලබාදෙන බවද සිවිල් ගුවන්සේවා අධිකාරියේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
”තවමත් ගුවන් නියමුවන් 260ක පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී ඉන්නවා. ඔවුන් ඩුබායි හෝ සිංගප්පූරුවට ගියොත් විශාල වැටුපකට හිමිකම් කියයි. නමුත් ඒ රටවල ජීවන වියදම ඉහළයි. ඒ ගැනත් සංසන්දනය කරන්න. එවැනි සාධකත් බලපානවා. අපි නව ගුවන් නියමුවන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවා. නමුත් ඇතැම් පිරිසකට මෙරට රැඳී සිටීමට අවශ්‍යයි. ඔවුන් ඉවත් වුණොත් නව නියමුවන් විදේශ රටවලින් හෝ බඳවාගෙන ගුවන් සමාගම ඉදිරියටත් පවත්වාගෙන යනවා” යැයි ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart