
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බැංකු සහ ලීසිං සමාගම්වලට ලීසිං වාරික ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවකදී එවැනි රථ වාහන අත්පත් කර ගත හැකි වන්නේ, වාහනයේ හිමිකරු ඊට විරුද්ධ නොවන්නේ නම් පමණක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වාරික ගෙවීම පැහැර හරින රථ පරාටේ නීතිය යටතේ අත්අඩංගුවට නොගන්නා බව ඔහු සඳහන් කරයි.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, පරාටේ නීතිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
බැංකු හෝ මූල්‍ය ආයතනවලට ප්‍රශ්නගත දේපළ පවරා ගැනීමට බලය ඇත්තේ, ණය මුදල රුපියල් මිලියන 05 ඉක්මවන්නේ නම් පමණක් බව ද ඔහු පෙන්වාදෙයි.
බැංකු සහ මුල්‍ය ආයතන 19ක් මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා රුපියල් බිලියන 15ක ණය සඳහා අවස්ථා 173කදී පමණක් පරාටේ නීතිය ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart