October 10, 2026

රටක ජනතාවගේ ජීවන වියදමේ මට්ටම මනිනු ලබන්නේ උද්ධමනයෙන් බවත්, උද්ධමනය වැඩිවන ප්‍රවණතාව මනින ඉලක්කය වන උද්ධමනය යනු යම් ආකාරයක උපක්‍රමයක් පමණක් බවත්, හුදෙක් අංකයකින් පමණක් රටේ ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

උද්ධමනය අඩුව ඇතැයි පැවසුව ද ක්‍රය ශක්තිය හෙවත් රටක ජනතාව සතු භාණ්ඩා හා සේවා මිලදී ගැනීමේ හැකියාව පවතින්නේ දුර්වල මට්ටක නම් හුදෙක් ඉලක්කමක අගයක් අඩුවීම ආර්ථිකයට සාධනීය වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ජනතාවගේ ජීවන තත්වය වර්ධනය වී නොමැති නම් හෝ වියදම දරා ගැනීමට නොහැකි නම් උද්ධමන අඩුව ඇතැයි යනුවෙන් සිදුකරන ප්‍රකාශවල පදනම කුමක් ද යන්න සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බවයි.

එවන් පසුබිමක් තුළ අවශ්‍ය වන්නේ හුදෙක් ප්‍රකාශ පමණක් නොව පවතින ක්‍රමය නිවැරදි කිරීම හෝ පවතින අඩුපාඩු නිවැරදි කිරීම බව ද මන්ත්‍රීවරයා යෝජනා කළේය.