July 17, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් වන්නේ නම්, ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය ලබාදීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.

එසේම පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයකු බවද හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා ජනමාධ්‍ය අමතමින් මෙසේද සඳහන් කළේය.

“මැතිවරණය ජයග්‍රහණය කරගෙන යන වැඩපිළිවෙළ දැන් අපේ අතේ තියෙන්නේ. සුබ ආරංචිය අපි ජයග්‍රහණය කරනවා. අපේක්ෂකයා දැම්මම තේරෙයි කොච්චර බලගතු කෙනෙක් ද කියලා. අපි හැමදාම ඉදිරිපත් කළේ පොදු අපේක්ෂකයෙක්. ඊළඟට එන්නේ අපේ ආණ්ඩුවක්. ජනාධිපති අපිත් එක්ක යන්න ලෑස්ති නම් අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා.”