
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට අදාළව පාර්ලිමේන්තුවේ සම්මතවූ යෝජනාව පිළිබඳ සිය තීන්දුවේ දැඩිව සිටීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ගත් තීරණය මධ්‍යයේ, ඔහු උපදෙස් ලබාගත් විශේෂඥයන් කවුරුන්ද යන්න හෙළි කරන ලෙස සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ඉල්ලා සිටී.
තීන්දුව ලබාදීමට පෙර නීති විශේෂඥයන් කිහිපදෙනෙක්ගෙන් උපදෙස් ලබාගත් බව කථානායකවරයා සඳහන් කළ අතර, මෙම විශේෂඥයන් කවුරුන්ද යන්න හෙළි කරනවාට කැමති බවත්, එවිට ඔවුන්ගෙන්ද ප්‍රශ්න කළ හැකි බවත්, මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
කථානායකවරයාට එවැනි යෝජනාවක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදිය හැකිද යන්න පිළිබඳව ඔවුන්ගෙන් ඇසීමට කැමති බවද ඔහු පවසයි.
එමෙන්ම ‘අධිකරණය අහෝසි කිරීමේ යෝජනාවක්’ පාර්ලිමේන්තුවේ සම්මත කළහොත් එයත් මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට රජය නීත්‍යානුකූලව බැඳී සිටිනවාද?” යනුවෙන්ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.
පාර්ලිමේන්තුව විසින් මේ වනවිට සම්මත කර ඇති යෝජනාවකට එරෙහිව ඕනෑම ආකාරයක නියෝග හෝ තීන්දු නිකුත් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති කිසිදු අධිකරණයකට බලය නොමැති බව කථානායකවරයා පසුගිය සතියේ සිය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart