
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ පනත(ICCPR) අවභාවිත නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අවධාරණය කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසයි.
සංහිදියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම් බව නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සඳහන් කරයි.
මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනය කිරීමට රජය පියවර ගත යුතු බව ඇය දැනුම්දී ඇත.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ද නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සඳහන් කර තිබේ.
විරෝධතා නායකයන් අත්අඩංගුවට ගැනීම, විකට සංදර්ශන අතර තුර සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, විරෝධතාවල නිරත වූ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීම යන කාරණා පිළිබව ද එම ප්‍රකාශයේ දී අවධානය යොමුකර ඇති බව සඳහන්ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ දේශපාලන පක්ෂ සමඟ ආරම්භ කර ඇති සාකච්ඡා පිළිබඳ සතුට පළ කළ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය, පුරාවිද්‍යා වන වගා හෝ ආරක්ෂක අරමුණු සඳහා ඉඩම් අත්පත් කරගැනීම නැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව ද ප්‍රසංශා පළ කර තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නව පත්කිරීම් කඩිනම් විය යුතු බවත්, සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඒ හා සමාන ප්රතිසන්ධාන යාන්ත්‍රණයක් සඳහා වන සැලසුම් ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවත්, ඇය සඳහන් කරයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම ද මානව හිමිකම් කවුන්සිල 53 වන සැසිවාරය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
කැනඩාව, මලාවී, මොන්ටිග්රෝ, උතුරු මැසිඩෝනියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව එම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
රටේ මැතිවරණ ක්‍රම කෙරෙහි ඡන්ද දායකයන්ගේ විශ්වාසය පවත්වා ගනිමින් කොමිෂන් සභාවල ස්වාධීනත්වය සහතික කිරීම මඟින් ශ්‍රී ලංකාව සිය නියෝජ්‍ය ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව ඔවුන් සිය වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart