
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) Hall of Fame ගෞරව නාමයෙන් පිදුම්ලද අරවින්ද ද සිල්වා වෙනුවෙන්, ඔහුගේ කණ්ඩායම් සගයා සහ හිටපු ලෝක කුසලාන නායකයා වන අර්ජුන රණතුංග විසින් පණිවිඩයක් යොමුකර ඇත.
පහතින් දැක්වෙන්නේ එම පණිවිඩයයි.
“අර්ජුන රණතුංග විසිනි,
මගේ පිතිකරණ සහකරු, මිතුරා සහ කණ්ඩායමේ සගයා වන අරවින්ද ඉන්දියාවේ දී ICC Hall of Fame වෙත ඇතුළත් වන බව දැනගැනීමෙන් මම සතුටට පත්වුණෙමි. මගේ මතය අනුව, මෙම පිළිගැනීමට ඔබට වඩා සුදුසු වෙනත් කිසිවකු ඇතැයි මම විශ්වාස නොකරමි. ක්‍රිකට් ක්‍රීඩාවට ඔබේ දායකත්වය සහ කැපවීම අසමසමයි.
ඔබ ක්‍රිකට් ක්‍රීඩාකරන ආකාරය දැකගැනීමට සෑම කෙනෙකුම වාසනාවන්ත නොවූ අතර, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිට මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු දක්වා ඔබේ පරිණාමය දැක සතුටු වූ කිහිපදෙනාගෙන් කෙනකු ලෙස මම මා සළකමි.
ඔබ අපගේ කණ්ඩායමේ අත්‍යවශ්‍ය සාමාජිකයෙක් විය.
ඔබ, ගුරා, රොෂාන් සහ හෂාන් මගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ලෙස මට අවශ්‍ය වූ සෑම විටෙක මට සහාය ලබාදීම ගැන මම ස්තූතිවන්ත වෙමි.
නායකත්වය ඔබ දැරුවත්, ඒ මම වුවත්, අපි සෑම විටම එකිනෙකාට අන්‍යෝන්‍ය ගෞරවයක් දැක්වූ අතර, සෑම විටම පවුලක් ලෙස අප අතර පැවති එම සම්බන්ධතාවය බොහෝ කලක සිට පිටියෙන් පිටත පවා පැවැතිණි.
ඔබට වඩා දක්ෂ පිතිකරුවකු අපගේ ජීවිත කාලය තුළ අපට දැකගත නොලැබෙනු ඇතැයි මම සැබවින්ම විශ්වාස කරන අතර, අරවින්ද ද සිල්වාගේ ශ්‍රේෂ්ඨත්වය මීටර් 22 සිට, තණතීරුවේ අනෙක් අන්තයේ සිට දැක බලා ගැනීමේ සුවිශේෂී භාග්‍යය මට ලැබී ඇත.
ඔබ සැමට අනාගතයට සුභ පතමි”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart