
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අළු බඳුන තරගාවලියෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ලකුණු කපාහැරීමට කටයුතු කර තිබේ.
තරගාවලියේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් කණ්ඩායම් දෙකට දඩ මුදල් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙලෙස තීරණය කර ඇත.
ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ, එංගලන්තයට ලකුණු 19ක් සහ ඔස්ට්‍රේලියාවට ලකුණු 10ක් අහිමි විය.
නිමාවූ අළු බඳුන තරගාවලිය 02ට 02ක් ලෙස ජය පරාජයකින් තොරව නිමාවිය.
ඒ අනුව නවතම ලෝක ටෙස්ට් ශුරතා ප්‍රසාද ලකුණු සටහනේ පාකිස්ථානය පෙරමුණ ගෙන සිටින අතර, ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවේ.
ඕස්ට්‍රේලියාවට තුන්වැනි ස්ථානයටද, එංගලන්තයට පස්වැනි ස්ථානයටද පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart