
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලිඛිත පණිවිඩයක් ලියූ සපත්තුවක් අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී පැළඳීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජාට තහනම් කර ඇත.
ඒ අනුව, ලබන බ්‍රහස්පතින්දා පර්ත්හිදී ආරම්භ වන පකිස්ථානයට එරෙහිව පළමු ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරු උස්මාන් කවාජාට වැකියක් සටහන් කරන ලද සපත්තු යුවලක් පැළඳීමට නොහැකි වනු ඇත.
කාවාජා පැළඳීමට සුදානම් වන බව පැවැසෙන මෙම සපත්තු යුවලේ සටහන්ව ඇති ආන්දෝලනාත්මක බවට ICCය තීරණය කර ඇති වැකිය වන්නේ, Are all lives not equal හෙවත් “සියලු ජීවිත සමාන වේ” යන්නයි.
කවාජා පවසන්නේ ICCය මෙම වැකිය දේශපාලන අර්ථයකින් තේරුම්ගෙන ඇති බවයි.
කෙසේවෙතත් නිදහස වෙනුවෙන් නගන හඬ නතර නොකරන බව කවාජා පවසා ඇත.
“නිදහස මානව අයිතිවාසිකමක්. එසේම සියලු ජීවිත සමානයි. ඔබ මා සමඟ එකඟ වුවත් නැතත් මම එය විශ්වාස කිරීම නතර කරන්නේ නෑ ” යැයි කවාජා අවධාරණය කරයි.
“මම මගේ සපත්තුවේ ලියා ඇති දේ දේශපාලනික නැහැ. මම පැත්තක් ගන්නේ නැහැ. මිනිස් ජීවිතය මට සමානයි. එක් යුදෙව් ජීවිතයක් එක් මුස්ලිම් ජීවිතයකට සමාන වේ, එක් හින්දු ජීවිතයකට සමානය යන්න පමණයි මම කියන්නේ. මම කතා කරන්නේ හඬක් නැති අය වෙනුවෙන් පමණයි” ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart