
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට තමන් ගරුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මූලික අයිතිවාසිකම්වලදී සළකාබලනු ලබන්නේ ලිඛිත පෙත්සම් හා ලිඛිත සාක්ෂි පමණක් බවත්, සාක්ෂි කැදවීමක් නොකරන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
මෙහිදී දීර්ඝ වශයෙන් හා ගැඹුරින් මේ ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කරන්නේ නම්, ඊට සුදුසුම තැන වන්නේ පාර්ලිමේන්තුව බවත් නාමල් රාජපක්ෂ පෙන්වාදෙයි.
මූල්‍ය බලතල,නීති සම්පාදනය, නීති පැනවීම, නීති ක්‍රියාත්මක කිරීම සිදුකරන්නේ පාර්ලිමේන්තුව වන අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මේ ආර්ථික අර්බුදය ගැන ගැඹුරින් සොයා බැලිය හැකි බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
තවද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් සෑම ක්ශේත්‍රයක්ම ආවරණය වන පරිදි සාක්ෂි කැදවීමක් සිදුකිරීමට හැකි බවත් නාමල් රාජපක්ෂ පෙන්වාදෙයි.
දැනටමත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මෙම ආර්ථික අර්බුදය පිලිබදව සොයාබැලීමට පත්කර ඇති බවත්, එමගින් වඩාත් පුළුල් පරාසයක සිට සාක්ෂි කැදවීමට හා හරස් ප්‍රශ්න ඇසීමට හැකිබවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart