
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට නිදහසේ සාමකාමීව ජීවත් වීමට ඉඩ නොදෙන බවට නිරූපිකාවක වන පියුමි හංසමාලි සිය නිල ෆේස්බුක් පිටුවට පණිවිඩයක් නිකුත් කරමින් චෝදනා කර තිබේ.
මේ හේතුවෙන් තමාගේ මානසික නිදහස අහිමි වී ඇති බව ද ඇය සඳහන් කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවසක නවතා තිබියදී පියුමි හංසමාලි නමින් ලියාපදිංචි BMW මොටර් රථයක් පසුගියදා සොයාගෙන තිබිණි.
සිය ෆේස්බුක් සටහනින් ඇය ප්‍රකාශ කර ඇත්තේ එම මෝටර් රථය තමන් විකුණා දැමූ එකක් බවයි.
“මම වාහනෙ විකුණලා ඉවරයි අප්පා…මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නෑ.. ඕක විකුණලා දැං අවුරුදක් වෙනවා .එයාලා සල්ලි බාගයයි දුන්නෙ.ඉතිං තාම මගෙ නමට තියෙන්නෙ.” යනුවෙන් ඇය එම සටහනේ දක්වා ඇත.
තමන් එම වාහනයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර නොමැති බවත් වාහනයේ තිබී මත්ද්‍රව්‍ය හමු වී නොමැති බවත් ඇය අවධාරණය කර තිබේ.
තමන් මත්ද්‍රව්‍ය අලෙවි කර නොමැති බැවින් තමා සියයට 1000ක් නිවැරදි බව ඇය සඳහන් කර ඇත.
ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වාහනයක් විකිණීමේ දී ගැනුම්කරුගේ ‘ජාතකයම’ සෙවීමට දැන් සිදුව ඇති බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කලින් භාවිත කළ වාහනයක් හේතුවෙන් තමන් මීට පෙර ද ප්‍රශ්නයකට මුහුණ දුන් බව පියුමි හංසමාලි සඳහන් කරයි.
දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයාගේ බිරිඳ තමාගේ හිතවතියක බැවින් ඇයට මෙම වාහනය විකුණු බවත් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ 50 බැගින් ගෙවූ බවත් පියුමි සිය ෆේස්බුක් සටහනින් දක්වා ඇත.
” දැං මාව හිතාමතාම නොකරපු කුඩු මගුලකට සම්බන්ධ කරන්න මේ ගහන ගෙම් එකක්. හැබැයි සාප වෙනවා මේ කරන පව්කාර වැඩේට .මම නම් සාප ඉල්ලනවා.මාර කරුමයක් උණානේ” යනුවෙන් සිය සටහනේ අවසන ඇය දක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart