
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ගංජා වගාව සඳහා විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට කැබිනට් මණ්ඩලයට පත්‍රිකා ඉදිරිපත් කළ බවට අසත්‍ය ප්‍රකාශ කළ බව රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ චෝදනා කරයි.
කෙසේවෙතත්, කවුරුන් කෙසේ කීවද, තමන් ගංජා බිළිඳාගේ මව බවද රාජ්‍ය ඇමැතිනිය පෙන්වාදෙයි.
“ශ්‍රී ලංකාවේ ගංජා වගා කිරීමට විදේශීය ආයෝජකයන් ගෙන ඒමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලය ගත් පියවර ගැන මම කිසිසේත් කලකිරීමට පත්වෙන්නේ නෑ. ඒක ආරම්භ කරලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තේ මම බව මුළු ලෝකයම දන්නවා. සිසිර ජයකොඩි ඒකට මුල ඉඳලම විරුද්ධ වුණා. ඔහු මාව විවේචනය කළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා තිබෙනවා. මගේ ගංජා බබාට තාත්තලා ගොඩක් ඉන්නවා. ඒත් එයාලට මතක තියාගන්න වෙන්නේ මම බබාගේ අම්මා කියලා” රාජ්ය ඇමැතිනිය ඩේලි මිරර් වෙත පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ගංජා වගාව ප්‍රවර්ධනය කිරීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බව පවසමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශයක් ගැන සඳහන් කරමින් ඇය කියාසිටියේ, රාජ්‍ය ඇමැති ජයකොඩිගේ යෝජනාව සැබවින්ම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බවයි.
“ශ්‍රී ලංකාවේ ගංජා වගාව ප්‍රවර්ධනය කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ බව කීවේ සිසිර ජයකොඩි තමයි” ඇය මේ සම්බන්ධයෙන් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart