November 18, 2025

පැවැති අධික වර්ෂාපතනය මැද වැලිමඩ-කන්දේ පුහුල්පොල ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් විවාහක යුවලක් ජල පහරට ගසාගෙන ගොස් තිබේ.

17 වැනිදා සවස් කාලයේ දී කන්දේපුහුල්පොළ ඔය තරණය කිරීමට යෑමේ දී මෙම අනතුර සිදුව ඇත.

ප්‍රදේශවාසීන්ගේ සහාය පොලීසිය හා විශේෂ කාර්ය බලකාය විසින් මියගොස් සිටි 32 වියේ පසුවූ බිරිදගේ සහ 37 වැනි වියේ පසුවූ සැමියාගේ සිරුරු සොයාගෙන ඇති බව වාර්තා වේ.