
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සභික තරිඳු උඩුවරගෙදරට පහරදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම පවසන්නේ, කොමිසමේ කඩිනම් ප්‍රතිචාර කණ්ඩායම බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණ තරිඳු උඩුවරගෙදරගේ සුවදුක් විමසූ බවයි.
මෙම විමර්ශනයේදී, කොමිසම විසින් සිද්ධියට සම්බන්ධ යැයි කියන අදාළ පාර්ශ්වවලින් වාර්තා කැඳවා, පරීක්ෂණයක් සඳහා අදාළ සියලු පුද්ගලයන් කැඳවනු ඇත.
පසුගිය සිකුරාදා(28)බොරැල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් තරිඳු උඩුවරගෙදර ඊයේ(29) ඇප මත මුදා හැරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart