
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ප්‍රකට මානව හිමිකම් නීතීඥවරයකු වන ප්‍රියලාල් සිරිසේනට දුරකථන ඇමතුමක් ලබාදුන් අයකු විසින් තර්ජනය කර ඇති අතර, ඇමැතිවරයකු මෙම ගැටලුවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.
සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු සහ ලේඛකයකුද වන නීතීඥ ප්‍රියලාල් සිරිසේනට මෙලෙස නාඳුනන පුද්ගලයකු ඇමතුමකින් තර්ජනය කර ඇත්තේ “ඇමතිවරයාගේ කටයුතුවලට මැදිහත් නොවන්න” යනුවෙන් දන්වා සිටිමිනි.
“තමුන් ඕනවට වැඩිය දඟලන්න ලැස්ති වෙන්න එපා. තමුන් කරුණාකරලා ඇමතිතුමාට තියෙන මේවා එක අයින් කරගන්නවා. නැත්නම් තමුන්ට වෙන්නෙත් ඊට වඩා දෙයක්. නැවත නැවත කියන්න ඉඩතියන්න එපා. තමුන් තමුන්ගේ රාජකාරිය කරගෙන ඉන්නවා. අනවශ්‍ය දේවල්වලට ඇඟිලි ගහන්න එපා. ආයෙත් නොකිව්වයි කියන්න එපා. තමුනුත් පාරවල්වල බැහැලා යන්න එපැයි.” යනුවෙන් අදාළ පුද්ගලයා වැඩිදුරටත් තර්ජනය කර ඇත.
00971566018309 යන විදේශීය අංකයෙන් මෙම ඇමතුම ලැබී ඇති අතර නීතීඥ ප්‍රියලාල් සිරිසේන මේ පිළිබඳව කුරුණෑගල පොලිසියට පැමිණිලි කර ඇත.
නීතීඥයකු ලෙස වසර 16කට වැඩි පළපුරුද්දක් ඇති ප්‍රියලාල් සිරිසේන සිවිල් අයිතිවාසිකම් නඩු ගණනාවකට සම්බන්ධ වූ ක්‍රියාකාරිකයකු ලෙසද කටයුතු කරයි.
ඔහු 2018 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට විරුද්ධ වූ අතර, පොලිසිය වෙතින් සිදුවූ වධහිංසා සහ අක්‍රමිකතා සම්බන්ධ සිදුවීම්වලට එරෙහිව අවස්ථා ගණනාවකදී දායකවී ඇත.
ඇමැති සනත් නිශාන්ත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට මුහුණ දී සිටින අංක 08/2022 දරන අභියාචනාධිකරණයට අපහාස කිරීමේ නඩුවේ පෙත්සම්කරු වන්නේද නීතීඥ ප්‍රියලාල් සිරිසේන ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart