
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුස් තොරතුරු හරහා වැඩිම බලපෑමකට ලක්වන ක්ෂේත්රය වන්නේ මැතිවරණ ක්‍රියාවලිය බව මැතිවරණ විශ්ලේෂක නීතීඥ ඩී. දිසානායක පවසයි.
ceylonwire යූ ටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මැතිවරණ ක්‍රියාවලියේදී සිදුවන්නේ රටක පාලනයට අවශ්‍ය පුද්ගලයන් තෝරාගැනීමේදී ජනතාවගේ තීරණ ගැනීමේ හැකියාව භාවිත කිරීම බවයි.
එවැනි තීරණ ගැනීමේදී, ජනතාව බාහිර පරිසරයෙන් ලැබෙන තොරතුරු භාවිත කරන බවත්, ඒ සඳහා තොරතුරු අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වාදුන්නේය.
එහිදී ජනතාව වෙත ගලාවිත් ඇත්තේ දුස් තොරතුරු හෝ විකෘති කරන ලද තොරතුරු නම්, ජනතාවගේ තීරණ ගැනීම පදනම් වන්නේ එම තොරතුරු මත බව ද නීතීඥ ඩී. දිසානායක පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ, මැතිවරණයකදී සමීක්ෂණ සිදුකරන විට පිළිගත් නිර්ණායක පවතින බවත්, ඇතැම් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ මේ වනවිට මැතිවරණ සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකරන්නේ එවැනි කිසිදු නිර්ණායකයක් නොමැතිව බවයි.
ඒවායෙන් සමාජගත කරන මත බරපතල ලෙස මැතිවරණයකදී ජනතාවගේ තීරණ වෙනස් කිරීමට බලපාන බව ද නීතීඥ ඩී. දිසානායක පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart