
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පරිභෝජනය සඳහා මේ වසර අගභාගය තෙක් ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීහු ජනාධිපති අනුර කුමාර දිසානායකට ඊයේ (26)දැනුම්දුන්හ.
ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යෑමේ වැදගත්කම මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිවරයා ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබාගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙසට උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව කීවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.
මේ අතර ලිට්‍රෝ ගෑස් තොග දෙසැම්බර් මස දක්වා හිඟයකින් තොරව බෙදාහැරීමට රට තුළ පවතින බවත්, මුදල් අමාත්‍යාංශයෙන් පත්කර ඇති නව සභාපතිවරයාට ඉඩ සලසමින් තමන් ඉවත් වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති මුදිත පීරිස් ඊයේ (26) පස්වරුවේ පැවසීය.
නව සභාපතිවරයකු පත්කර ඇති අවස්ථාවේදී එම සභාපතිවරයාට ඉඩ සැලසීම යුතුකම බව කී පීරිස් ඒ හේතුවෙන් කාර්යාලයෙන් ඉවත්ව යන බවද සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart