
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස බඳවා ගැනීම් සහ උසස්වීම් සිදු කරන බවට සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමය චෝදනා කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ පවසන පරිදි ක්ෂණික අවශ්‍යතාවකින් තොරව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට සභාපතිවරයා පත්කිරීම් රැසක් සිදු කරමින් සිටී.
“බඳවා ගැනීම් සහ උසස්වීම් අත්හිටුවන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළද සභාපතිවරයා ඒ ගැන තැකීමක් කළේ නැහැ. ඒ නිසා අපි මේ සිද්ධීන් ගැන මැතිවරණ කොමිසමට දැනුම් දීලා තියෙනවා,” යනුවෙන් ගුරුගේ ප්‍රකාශ කරයි.
කෙසේවෙතත් සභාපතිවරයා සිදුකරන දේශපාලන පත්වීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔහු කියා සිටියි.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරියකු පවසා ඇත්තේ ඒ පිළිබඳ සොයා බලන බවයි.
මේ අතර එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය සාරංග අලහප්පෙරුම ප්‍රකාශ කර ඇත්තේ සියලුම බඳවා ගැනීම් සහ උසස්වීම් නියමිත ක්‍රියාවලීන්ට අනුව සිදු කළ බවයි.
“සියලු පත්වීම් සාමාන්‍ය ඒවායි, ස්ථාපිත ක්‍රියා පටිපාටියට පිටින් කිසිවක් සිදු කර නැහැ. අදාළ පත්වීම් සඳහා මම කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන තිබෙනවා,” යනුවෙන් ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart