
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුරාබදු බලපත‍්‍රයක් සහිතව රා එකතු කරන ස්ථානයක රහසිගත කුටියක් තුළ පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදන කම්හලක් අලුත්ගම පොලිසිය ඊයේ (16) වටලා තිබේ.
කළුතර කොට්ඨාශ උප බල ඇණිය වෙත ලැබුණ තොරතුරක් මත වැලිපිටිය ප්‍රදේශයේ රා එකතු කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානය වටළා ඇත.
සුරාබදු බලපත්‍රයක් ඇති ස්ථානයේ හිමිකරු විසින් එකතු කරන ලද රා මත්පැන් නිෂ්පාදනය සඳහා අසල පිහිටි ස්කාගාරයකට ලබා දී තිබේ.
කෙසේ වෙතත්, පොලිසිය එම ස්ථානය පරීක්‍ෂා කිරීමේදී එහි ගඩොල් බිත්තිවලින් සැකසූ සැකකටයුතු ලෙස විශාල පයිප්ප සහිත කොටසක් නිරීක්ෂණය කර ඇත.
එහි තිබී කසිප්පු ලීටර් 27,000කට වැඩි ප්‍රමාණයක්, බට, පොම්ප සහ දැවැන්ත ටැංකි කිහිපයක් සොයාගැනීමට හැකිවී තිබේ.
දීර්ඝ කාලයක් තිස්‌සේ සිදුකළ මෙම නීති විරෝධී ක්‍රියාවලිය මඟින් නිෂ්පාදනය කරන නීතිවිරෝධී මත්පැන් අලුත්ගම සහ බෙන්තර ප්‍රදේශවලට බෙදාහැර තිබේ.
විශාල ටැංකි, වතුර පොම්ප, ඇමෝනියා ඇතුළු නීති විරෝධී ස්ප්‍රීතු පෙරීමට භාවිත කළ උපකරණ පොලිස් භාරයට ගෙන ඇති අතර, එම ස්ථානයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart