
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරාගවලිය අතරතුර විස්මිත ලෙස හොලෝග්‍රෑම් තාක්ෂණය භාවිත කරමින් කෘත්‍රිමව මවන ලද මිනිස් රූප සාකච්ඡා සඳහා භාවිත කරනු දැකගත හැකි විය.
තරගාවලියේ විකාශන අයිතිය හිමි ස්ටාර්ස්පෝර්ට්ස් විසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩක ‘ෆෆ් ඩු ප්ලෙසිස්ව’ හොලෝග්‍රෑම් තාක්ෂණය භාවිත කරමින් ඉන්දියාවේ ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගනය වෙත කෘත්‍රිමව රැගෙන විත් තිබුණු ආකාරය දැකගත හැකි විය.
දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති ලෝක කුසලාන තරගය අතරතුරදී ඩු ප්ලෙසිස් මෙලෙස කෘත්‍රිමව ක්‍රීඩාංගණයට පැමිණි නමුත්, සැබෑ ලෙස ඔහු එහි නොසිටීම, මෙම තාක්ෂණය පළමු වරට අත්දුටු බොහෝදෙනකුගේ විස්මයට හේතු විය.
මෙලෙස ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නව තාක්‍ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ මිශ්‍ර ප්‍රතිචාර දක්වා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart