
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සීතා දේවිය වෙනුවෙන් කැප කළ නුවරඑළිය සීතා අම්මා කෝවිලේ අභිෂේක මංගල්‍යය සඳහා ඉන්දියාවේ සරයු ගංගාවේ පූජනීය ජලය රැගෙන ඒමට සැලසුම් කර තිබේ.
ඒ අනුව එම කටයුතු ඉන්දියාව විසින් මේ වන විටත් ආරම්භ කර ඇත.
මෙම ක්‍රියාවලිය ඇරඹී ඇත්තේ ආගමික වතාවත් සඳහා සරයු ගංගාවේ ජලය සහ කෝවිලේ සීතා දේව ප්‍රතිමාව අභිෂේක ගැන්වීම ඉල්ලා ශ්‍රී ලංකා නියෝජිතයන් උත්තර් ප්‍රදේශ් රජය වෙත ලිපියක් යොමු කිරීමෙන් පසුවය.
සීතා අම්මා කෝවිලේ අභිෂේක මංගල්‍යය මැයි 19 වැනිදා පැවැත්වේ.
උත්තර් ප්‍රදේශ් රජයේ නියෝගය යටතේ, ශුද්ධ වූ ජලය ප්‍රවාහනය කිරීමේ වගකීම සංචාරක දෙපාර්තමේන්තුවට පවරා ඇත.
රාම් පන්සල් භාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමේ එහි වැදගත්කම අවධාරණය කරමින් මෙම ක්‍රියාවලිය අගය කර තිබේ.
“ලංකාවේ සීතා අම්මා කෝවිලක් හදනවා. කෝවිලේ නියෝජිතයා සරයු ගඟේ ජලය උත්තර් ප්‍රදේශ් රජයෙන් ඉල්ලා තිබෙනවා. අපි පූජනීය ජලය කළයක බහා ලබා දෙනවා. චාරිත්‍ර වාරිත්‍ර මැයි 19 වැනිදා පවත්වනවා ” යනුවෙන් අයෝධ්‍යා තීර්ත් විකාස් පරිෂාද්හි ප්‍රධාන විධායක නිලධාරී සන්තෝෂ් කුමාර් ෂර්මා පවසයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආධ්‍යාත්මික හා සංස්කෘතික බැඳීම සංකේතවත් කරමින් ජාතීන් දෙකෙහිම හදවත් එකමුතු කිරීම සීතා අම්මා කෝවිලේ පවත්වන උත්සවයේ අරමුණයි.
මේ අතර, මහන්ත් ශෂිකාන්ත් දාස් විසින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රයත්නය අගය කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ සීතා අම්මා කෝවිල සියලු ‘සනාතිකයන්ට’ ආඩම්බරයක් වනු ඇති බවයි.
“සියලු සනාතනිකයන්ට එය ආඩම්බරයක් වනු ඇත. සීතා දේවිය ලක්දිව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති අතර අද එම ලංකාවේම මහා කෝවිලක් ඉදිවෙමින් පවතිනවා, ”යනුවෙන් ශෂිකාන්ත් දාස් මහන්ත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart