
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවෙන් පළමු සැක සහිත HMPV ආසදිතයා හමුවී තිබේ.
මෙම ආසදිතයා බැංගලෝරයේ මාස අටක් වයසැති ළදරුවකු බව එරට මාධ්‍ය වාර්තා කරයි.
බැංගලෝරයේ බැප්ටිස්ට් රෝහලට ඇතුළත් කර ඇති එම ළදරුවාට සංචාරක ඉතිහාසයක් නොමැති නිසා දේශීය වශයෙන් සිදු වූ සම්ප්‍රේෂණයක් බවට විශ්වාස කෙරේ.
වෛරසයේ නිශ්චිත ප්‍රභේදය මෙතෙක් තහවුරු කර නොමැත.
විශේෂඥයන් අවධාරණය කරන්නේ HMPV යනු පොදු ශ්වසන වෛරසයක් වන අතර අනතුරු ඇඟවීමට ක්ෂණික හේතුවක් නොමැති බවයි.
ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කළේ HMPV යනු ඉන්දියාවේ නව වෛරසයක් නොවන අතර එය කලින් හඳුනාගෙන ඇති බවයි.
එහෙත් මෙය චීනයේ මෑත කාලීන පැතිරීම් සමඟ සම්බන්ධ වූ ප්‍රභේදයක් ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශනයක අවශ්‍යතාව ඔවුන් අවධාරණය කර තිබේ.
රෝග ලක්ෂණවලට සාමාන්‍යයෙන් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි ලක්ෂණ ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart