
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් සැකකරුවන් 14 දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මාර්තු 16 වැනි දින නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළේය.
2022 නොවැම්බර් 14 වැනි දින පොලිස් ආඥා පනත සහ මංසන්ධි ආඥා පනත උල්ලංඝනය කරමින් සැකකරුවන් නිදහස් චතුරශ්‍රය අසල නීතිවිරෝධී වීදි නාට්‍යයක් වේදිකාගත කළ බවට කුරුඳුවත්ත පොලිසිය මෙම නඩුව ගොනුකර ඇත.
නඩුව කැඳවූ විට, උපදෙස් සඳහා ගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේය.
අද නඩුව කැඳවූ විට, සැකකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ අනෙකුත් කාන්තා සැකකාරියෝ අධිකරණය හමුවේ පෙනීසිටියහ.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාගේ උපදෙස් සඳහා නඩුව මාර්තු 16 වන දිනට නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart