
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේ අලුත් අවුරුදු නැකැත් පිළිබඳව ජනතාව තුළ තවමත් ඇත්තේ කණස්සල්ලකි.
කෙසේවෙතත් අවසන් වශයෙන් රජය දැන් ප්‍රකාශයට පත්කර ඇති අවසන් නැකැත් සීට්ටුවට අනුව අලුත් අවුරුදු නැකැත් සහ චාරිත්‍ර දී ඇත්තේ පහත ආකාරයෙනි.
ඒ අනුව, මෙවර අලුත් අවුරුදු උදාව යෙදී ඇත්තේ හෙට (13) රාත්‍රී 9 යි 5 ටයි.
හෙට පස්වරු 2.41ට පුණ්‍ය කාලය උදා වේ.
එය අප්‍රේල් 14 වැනි ඉරිදා අලුයම 3.29 න් අවසන් වන බව ජ්‍යෝතිෂයේ සඳහන් වේ.
ඒ අනුව, හෙට පස්වරු 2.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත් ය.
ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ හෙට (14) රාත්‍රී 11.06ට ය.
නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා. තල – උක් හකුරු මිශ්‍ර කිරිබතක් හා තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම යහපත් බව ජ්‍යෝතිශයේ දැක්වේ.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකත අප්‍රේල් මස 14 වැනි ඉරිදා අලුයම 12.06ට යෙදී තිබේ.
ජ්‍යෝතිශයේ දැක්වෙන්නේ නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම යහපත් බවයි
හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15 වැනි සඳුදා පෙරවරු 10.17ට යෙදී ඇත.
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත්ද, පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම ඉතාමත් යහපත් බව ජ්‍යෝතිශයේ දැක්වේ.
රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 17 වන බදාදා උදෑසන 06.52ට යෙදී තිබේ.
කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යෑයාම යහපත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart