
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩිකිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම වෙනුවෙන් රජය ‘සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ’ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
ඒ අනුව කොළඹ නගරයේ තෝරාගත් ප්‍රදේශ රාත්‍රී කාලයේ සංචාරක අවශ්‍යතා වෙනුවෙන් සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඊට අදාළ කැබිනට් තීරණය පහතින් දැක්වේ.
රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම් වැඩි කිරීම සඳහා ව්‍යූහගත ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ‘සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ’ (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහිදී ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart