
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තල්මසකු විසින් මුඛයට ගනු ලැබූ තරුණයකුගේ අත්දැකීම පිළිබඳ පුවතක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එම අහඹු සිදුවීමට මුහුණපා ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන කයාකර් ඒඩ්‍රියන් (kayaker Adrián) නමැති වෙනිසියුලානු තරුණයෙකි.
කයාකර් ඔහුගේ පියා සමඟ චිලි රාජ්‍යයේ පැටගෝනියානු වෙරළට ඔබ්බෙන් වූ මැගෙලන් සමුද්‍ර සන්ධිය හරහා බෝට්ටු පදිමින් සිටියදී එකවර ජලයෙන් මතුවූ විශාල තල්මසකු ඔහුව ගිලගන්නා අයුරු දැවෙන වීඩියෝවක් ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන් අනතුරුව තත්පර කිහිපයක් ඇතුළත යළිත් සිය කුඩා බෝට්ටුව සමග ජලයෙන් උඩට මතුවන කයාකර් ඒ ආසන්නයේ වෙනත් බෝට්ටුවක සිටි ඔහුගේ පියා විසින් මුදාගන්නා අයුරුද එහි දැක්වේ.
සිය අත්දැකීම බෙදාගන්නා කයාකර් පවසන්නේ, තමා ක්ෂණිකව දෑස් විවර කර බැලූ විට තල්මසකුගේ මුඛයේ සිටින බව වැටහුණු බව සහ තවදුරටත් ජීවත්වේ යැයි නොසිතූ බවයි.
“මම මගේ ඇස් වසාගත්තා, මම ඒවා නැවත විවෘත කළ විට, මම තල්මසකුගේ මුඛය තුළ සිටින බව මට වැටහුණා,” ඇඩ්‍රියන් බීබීසී පුවත් සේවයට පැවසීය.
“මට සෙවල යමක් මගේ මුහුණ පිරිමදිනවා දැනුනා” ඔහු සිහිපත් කළේ ඔහුට පෙනුනේ තද නිල් සහ සුදු පැහැයක් බව පවසමිනි.
“ඌව නතර කිරීමට මට තවදුරටත් සටන් කළ නොහැකි බැවින් ඌ මා ගිල දැමුවහොත් මා කුමක් කළ යුතුදැයි මම කල්පනා කළෙමි, ඊළඟට කුමක් කළ යුතුද යන්න ගැන මට සිතීමට සිදු විය.”
එහෙත් තත්පර කිහිපයකින්, ඇඩ්‍රියන්ට තමා යළි පිටතට පැමිණෙන බවක් දැනෙන්නට විය.
“කොච්චර ගැඹුරුද කියලා මම දන්නේ නැති නිසා මගේ හුස්ම හිරකරගන්න පුළුවන් වෙයිද කියලා මට ටිකක් බය හිතුනා, මට දැනුණේ මට එන්න ගොඩක් වෙලා ගියා වගේ. මම තත්පර දෙකක් උඩට ගියා, අන්තිමට මම මතුපිටට ඇවිත් මට තේරුණා ඌ මාව කෑවේ නෑ කියලා. ඒ වගේම මම බය වුණේ මගේ තාත්තට කුමක් උණාද කියායි. නමුත් අවසානයේ මට මගේ පියා හමුවණා” ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart