November 7, 2025

දැනට මාස 6 කට වැඩි කාලයක් රජයේ විවිධ ආයතනවල සේවය කරන සියලුම සේවකයින්ට ස්ථිර පත්වීම් ලබා දීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

2026 අයවැය යෝජනා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසුවේය.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/2019 යටතේ සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් සඳහා එම අවස්ථාව හිමිවන බව ද ඔහු පැවසුවේය.