
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද උරස් රෝග ඒකකයෙන් හදවත් සැත්කම් සිදුකර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් 2028 දක්වා වන පොරොත්තු ලේඛනයකට ඇතුළත් කෙරෙන බව වාර්තා වේ.
රෝගීන් පවසන පරිදි දැනට ඇතුළත් කෙරෙන හෘද රෝගීන් සඳහා සැත්කම් කිරීමට දිනයන් ලැබෙන්නේ 2028 වසරට බවයි.
රෝහලේ සේවය කරන්නේ කොන්ත්‍රාත් මත පදනම් වූ හෘද ශල්‍ය වෛද්‍යවරුන් තිදෙනෙකු පමණක් බව වාර්තා වේ.
එක් ශල්‍ය වෛද්‍යවරයකු සතියකට අවම වශයෙන් හෘද සැත්කම් හතරක් සිදු කරනු ලබ න බව පැවසේ.
2023 දී පමණක් සැත්කම් 1,500ක් පමණ එම ඒකකය සම්පූර්ණ කර තිබේ.
පවතින ප්‍රමාදය විසඳීම සඳහා අතිරේක පොරොත්තු ලේඛනයක් හඳුන්වා දී ඇති බවපසුගිය දිනවල වාර්තා විය.
කෙසේවෙතත්, පුහුණු කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ හිඟය මෙම ප්‍රමාදයට බලපා ඇති සාධකයක් ලෙස වෛද්‍යවරුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත්, රෝහල් අධ්යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්.රංග මෙම තත්ත්වය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශල්‍යකර්ම බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් සංඛ්‍යාව අතිශයෝක්තියක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart