
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ශිෂ්‍යත්වයක් ලබාගැනීම සම්බන්ධයෙන් පළවන වාර්තා සඳහා ප්‍රතිචාර දක්වමින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ තම පියා විපක්ෂයේ සිටියදී රජයේ ස්ථාපිත ක්‍රමය යටතේ තමන් ඒ සඳහා සුදුසුකම් ලැබූ බවයි.
“මගේ තාත්තා එවකට විපක්ෂ මන්ත්‍රීවරයෙක්. ආණ්ඩුව හිතාමතාම මේ ප්රශ්නය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අපකීර්තියට පත් කිරීමට බව පැහැදිලියි” යැයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හර්ෂණ රාජකරුණා පැවසීය.
එමෙන්ම ඔහු එහිදී පැවසුවේ, උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු පශ්චාත් උපාධි සඳහා රජයේ ශිෂ්‍යත්වයක් සඳහා ඉල්ලුම් කළ අතර, ඊට අදාළව පැවැති සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව සුදුසුකම් මත පදනම්ව රුපියල් 500,000 ක හිමිවුණු බවයි.
එම වසරේ විශාල පිරිසකට රුපියල් මිලියන 73කට අධික මුදලක් ලබාදුන් බව අමාත්‍යවරයාම ප්‍රකාශ කළ ද සිය නම පමණක් විශේෂයෙන් සඳහන් කළ බව ද ඔහු පැවසීය.
එමෙන්ම මන්ත්‍රීවරයා පැවසූවේ, ශිෂ්‍යත්ව ලැබූ අනෙක් පුද්ගලයන්ගේ නම් සඳහන් නොකළ බවයි.
මීට පෙර ලලිත් ඇතුලත්මුදලි සහ රෝහණ විජේවීරට ද එවැනිම ශිෂ්‍යත්ව පිරිනැමූ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු චෝදනා කළේ, තමාගේ දේශපාලන කීර්තිනාමයට කැළලක් ඇති කිරීමට රජය උත්සාහ කර ඇති බවයි.
කෙසේවෙතත් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අදහස් දැක්වූ සභානායක බිමල් රත්නායක කියාසිටියේ, රෝහණ විජේවීරට ශිෂ්‍යත්වයක් හිමිවූයේ ශ්‍රී ලංකා රජයෙන් නොව සෝවියට් සමුහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයෙන් බව ය.
එය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ලැබුණු ශිෂ්‍යත්ව කිහිපයෙන් එකක් බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart