
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය තරු පහේ හිල්ටන් හෝටලයේ (Hilton Colombo) හිමිකාරීත්වය දරන Hotel Developers Lanka Ltd මිලදී ගැනීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් හතරෙන් තුනක්ම ඉන්දීය සමාගම් බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු අනාවරණය කළේය.
“බොහෝ විට එය ඉන්දියානු සමාගමකට යාවි” යනුවෙන් ඔහු පැවසුවේ පසුගියදා මුම්බායි හි පැවති ශ්‍රී ලංකා සංචාරක ජාලකරණ සන්ධ්‍යාවේදීය.
ප්‍රනාන්දු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, තවත් ඉන්දියානු සමාගම් දෙකක් සමඟ දැනට රජයේ අයිතිය යටතේ පවතින Grand Hyatt මිලදී ගැනීම සඳහාද අවසන් වටයට ඉදිරිපත්ව සිටින බවයි.
ආරුගම්බේ හි සුවිශේෂී රිට්ස් කාල්ටන් හෝටලයක් ඉදිකිරීමටද සැලසුම් සකස් කෙරෙමින් පවතින බවද ඇමැතිවරයා අනාවරණය කළේය.
ඉන්දියාවෙන් පිටත ඉන්දියානු හෝටල් සන්නාමයේ පළමු ව්‍යාපාරය සනිටුහන් කරමින් Intercontinental හෝටලයක් විවෘත කිරීම මෙන්ම, ITC Colombo මේ මාසය අවසන් වන විට ආරම්භ කරන බවද ඇමැතිවරයා එහිදී නිවේදනය කළේය.
තවද, ගලධාරි හෝටලය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය වෙමින් පවතින අතර එය ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික හෝටල් සන්නාම සමූහයට එක් කරමින් Radisson Blu ලෙස නැවත නම්කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart