
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උපුල් තරංග සහ නව ක්‍රිකට් උපදේශක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අද හමුවී තිබේ.
ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් ද තබා තිබිණි.
ඇමැතිවරයා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරළිකාර විජයග්‍රාහී තැනකට ඔසවා තැබීමේ හැකියාව ඇති බවට සැකයක් නොමැති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මෙන්ම නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකයකු වශයෙන් පත්කරනු ලැබුවේ පසුගිය 14 වැනිදායි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart