
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ඩුබායිහිදී එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම් හමුවී ඇති අතර, එහිදී ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා එමිරේට්ස් සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
ඇමැති හරීන් ප්‍රනාන්දු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ක්‍රියාකාරකම් සඳහා සහාය පළකළ බවයි.
මෙම රැස්වීමේදී, එමිරේට්ස් හි A350 වර්ගයේ ගුවන් යානා මගින් සේවා සපයන පළමු ගමනාන්ත කිහිපය අතරට ශ්‍රී ලංකාව පත්කිරීමට ද එකඟතාවකට පැමිණ තිබේ.
සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මැයි 06-09 දක්වා පැවැත්වෙන මැදපෙරදිග වාර්ෂික උත්සවයක් වන අරාබි සංචාරක වෙළඳපොළට (ATM) සහභාගී වීමට ඩුබායි වෙත ගොස් ඇත.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) 2003 වසරේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සාමාජිකයන් සමඟ මෙම අවස්ථාවට සහභාගී වේ.
එය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධන කාලසටහනට ඇතුළත්ව තිබෙන ඉතාම තීරණාත්මක සහ ප්‍රමුඛතම වෙළෙඳ ප්‍රදර්ශනවලින් එකකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart