
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාඳුනන කණ්ඩායමක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයා බේරාගැනීමට එම රථයේ එල්ලුණු පියකු එම ජීප් රථයේ රියදුරා විසින් යටකිරීමෙන් ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව ඇහැළියගොඩ පොලිසිය පවසයි.
පොලිස් නිලධාරීන් ලෙස පැමිණි කණ්ඩායමක් පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර මෙලෙස පැහැරගෙන යෑමට තැත්කිරීමේදී පියා ජීප් රථයේ එල්ලී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
හැටපස් හැවිරිදි පුද්ගලයකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බව අනාවරණය වේ.
එම පැහැරගැනීමට පැමිණි කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට ඇහැළියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කළ බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart