
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හම්බන්තොට මහරෝහලේ සේවය කළ එකම නිර්වින්දන වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත් අවසරයකින් තොරව පසුගිය සිකුරාදා (11) විදේශගතවීම නිසා එහි සිසේරියන් සැත්කම් ඇතුළු ජීවිතාරක්ෂක සැත්කම් සියල්ල නතර කර තිබේ.
මේ නිසා හම්බන්තොට මහ රෝහලේ අනෙකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට නියමිතව තිබූ සියලුම සැත්කම්ද කල්දැමීමට සිදුව ඇත.
හම්බන්තොට මහ රෝහලට නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනකු අනුමත කර ඇතත් මෙතෙක් එම රෝහලේ සේවය කර ඇත්තේ එක් නිර්වින්දන වෛද්‍යවරයකු පමණි.
මෙම නිර්වින්දන වෛද්‍යවරයා පසුගිය සෙනසුරාදා 12 වැනිදා විදේශගත වී ඇති බව අනාවරණය වී ඇත්තේ, ඔහු එංගලන්තයට ගොස් ඇති බව සඳහන් කරමින් වෛද්‍යවරයා තවත් වෛද්‍යවරුන් කිහිපදෙනකුට යවා තිබූ කෙටි පණිවිඩයක් හරහා බව දැනගන්නට ලැබේ.
අදාළ නිර්වින්දන වෛද්‍යවරයා විශේෂඥ පුහුණුවක් ලබා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ලැබුණු පළමු පත්වීම මෙය බවත් අදාළ පත්වීම ලබා වෛද්‍යවරයා සේවය කර ඇත්තේ මාස තුනක කාලයක් පමණක් බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart