
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තියුණු ආයුධයක් පෙන්වා යතුරුපැදියක් පැහැරගෙන පළායමින් සිටි සැකකරුවකු හක්මන, ඔබඩකන්ද ප්‍රදේශයේදී පෙරේදා (04) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට යෑමේදී, එම සැකකරු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ අත් සපාකෑම නිසා ඔවුන් තුවාල ලබා හක්මන, ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා සේවය හැරගිය සෙබළෙක් බවත්, තුවාල ලබා රෝහල් ගත කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, අනෙක් කොස්තාපල්වරයා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, හක්මන පොලිසිය සඳහන් කර තිබේ.
මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් සැකකරු තවත් පුද්ගලයෙක් සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇති අතර, එම පුද්ගලයාගේ යතුරු පැදිය පැහැරගෙන යන බවට හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙසේ සපා කා ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු තියුණු ආයුධය හා යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart