
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිසිදු ජනතා සංවාදයකින් තොරව ආරම්භ කළ බව පවසමින්, මහනුවර නගරයේ දළදා වීදිය හා කොටුගොඩැල්ල වීදියේ ‘කැන්ඩි බ්‍රීස්’ රාත්‍රි වෙළෙඳ කලාපයට ජාතික සංවිධාන එකමුතුව විරෝධය පළකර ඇත.
ඓතිහාසික දළදා පෙරහර අවසන් වී දින කිහිපයක් ඇතුළත එනම් 2025.08.16 දින ආරම්භ වී සෑම සෙනසුරාදාවකම පැවැත්වීමට සැලසුම් කර ඇති ‘කැන්ඩ් බ්‍රීස්’ නම් රාත්‍රි වෙළෙඳ කලාපය පිළිබඳව ඊට පෙර දින සිට ප්‍රචාරය ලබාදෙන ආකාරය දැකගත හැකි වූ බවත් ජනතාව හෝ මහා සංඝරත්නය හෝ මේ සම්බන්ධව දැනුවත්ව නැති බව ඉතා පැහැදිලි බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර විසින් ඊයේ (20දා) නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් ව ඇත.
‘මාර්ග බාධක යොදා එම වීදි වසාදමා වෙළෙඳසල් කඩිමුඩියේ ඉදිවන බව දක්නට ලැබුණු අතර මෙම වැඩපිළිවෙළ පිළිබඳව තොරතුරු ජනතාවගෙන් වසන් කළ ද ඉතා සූක්ෂ්ම ලෙස මහනුවර නගරයෙහි දුරාචාර ප්‍රචලිත කෙරෙන රාත්‍රි ජීවිතයක් ආරම්භ කිරීමට නියමිත බව ඉතා පැහැදිලිය. මේ සම්බන්ධයෙන් අවසාන මොහොත්තේ දී දැනුවත් වූ බෞද්ධ සංවිධාන පෞද්ගලික මට්ටමින් විරෝධය ප්‍රකාශ කරති.
ව්‍යාපාරික අරමුණු පමණක් ඉස්මතු කරගනිමින් සංස්කෘතිය රැකෙන පරිදි වෙළෙඳ ව්‍යාපාර දියුණු කිරීමට මෙම වැඩ සටහන යොදා ගන්නා බව ඇතැම් ව්‍යාපාරිකයන් හුවා දැක්වුවද, ප්‍රයෝගිකව මේ ඔස්සේ විවර වන සමාජශාලා සංස්කෘතිය තුළ මත්පැන්, මත් ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය ආදී සමාජ සංස්කෘතික ව්‍යාසන දිරිමත් කිරීම කිසිවකුටත් වැළැක්විය නොහැකි වනු ඇත. තායිලන්තය වැනි රටවල අත්දැකීම් අනුව සමාජයක් සංස්කෘතික වශයෙන් බිද වැට්ටවීම සඳහා වාණිජ අරමුණු යොදාගැනීම මෙවැනි වැඩසටහන් තුළින් දැක ගත හැක. මහනුවර නගරය ඓතිහාසික සංස්කෘතික වටිනාකමින් යුතු පූජනීය නගරයකි. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා වහන්සේ වැඩ සිටින මහනුවර ඓතිහාසික නගරය, වසර සියගණනක සම්ප්‍රදායන් බිඳිමින් කලබලකාරී, ඝෝෂාකාරි සහ දුරාචාර ප්‍රචලිත කෙරෙන ස්ථානයක් කිරිම දළදා වහන්සේට් අගෞරවයක් බව කුඩා දරුවකුට වුවද තේරුම් ගත හැක. එසේම අප රටේ අන්‍යාගමික සිද්ධස්ථාන අවට මෙවැනි දේ කිරීමට ඉඩකඩ නොලැබෙන බව නොදන්නා කෙනෙක් නැත.
මෙම නගරයට පැමිණෙන, අතිබහුතරයක් විදේශිකයන් සොයා එන්නේ ශාන්ත බව සහ ආධ්‍යාත්මික සුවයයි. විනෝදය සඳහා වෙනත් බොහෝ ස්ථාන ශ්‍රී ලංකාව තුළ තිබෙන බව ප්‍රකට කරුණකි. මෙවැනි වැඩ සටහනකින් ප්‍රවර්ධනය කෙරෙන රාත්‍රී සමාජ ශාලා සංස්කෘතිය මගින් මහනුවර සහ අවට දරුවන් සහ තරුණ පරම්පරව දුරාචාරයට යොමු කිරීම, අධ්‍යාපනය කඩා කප්පල් කිරීම, පවුල් ජීවිත අඩාළ කිරීම, මුදල් කාලය සහ සම්පත් විනාශ වී යෑම, සමාජ රෝග පැතිරී යෑම, කල කෝලාහල ඇතිවීම ආදී විනාශකාරී ක්‍රියාවලියකට අහිංසක ජනතාව, විශේෂයෙන්ම තරුණ පරපුර යොමු කරණ බව වග කිවයුතු බලධාරීන් තේරුම්ගත යුතුය. ඊට අදාළ විනාශකාරී අත්දැකීම් තායිලන්තය වැනි රටවලින් ඉගෙනගත හැක.’
@sanindran ✨ Kandy Breeze Night Fest – Where Culture Meets Celebration! ✨ every Saturday from 7:00 PM onwards for an unforgettable evening under the stars at the Kandy Breeze Night Market. “මහනුවර නගරය ආලෝකමත් කරමු” යන තේමාවෙන් Kandy Breeze Night Fest… වෙළඳ ප්‍රදර්ශනය #reda #kandy #festival #fes #night #nightlife #dj #livemusic #handicraft #market #food #tourism #kandynightlife #breeze #grand #night #nuwara #මහනුවර
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart