June 7, 2025

මූල්‍ය වංචාවකට වරදකරු වූ හිටපු බැංකු කළමනාකරුවකු වන ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී කනස්සල්ල පළකළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරාට අනුව, මැයි මස මුලදී අනුරාධපුර මහාධිකරණය විසින් රුපියල් මිලියන 4 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ සැකකරුට, වරදකරු වීමෙන් සති කිහිපයකට පසු, වෙසක් පොහොය දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සනින් සමාව ලබාදී ඇත.

ජනමාධ්‍ය වාර්තාවලට අනුව, තිලකරත්න තවත් නඩු කිහිපයකට මුහුණදෙන බැවින්, සමාව නිකුත් කිරීමේදී අනුගමනය කරන ලද නිර්ණායක සහ ක්‍රියාපටිපාටි පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පෙරේරාප්‍රශ්න කළේය.

විනිවිදභාවය සහ වගවීම පිළිබඳව ඔහු ප්‍රශ්න කළ නමුත් සැසිය අතරතුර රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි.

ආගමික උත්සවවලදී සාමාන්‍යයෙන් සුළුවැරදි සඳහා වෙන්කර ඇති ජනාධිපති සමාවක් බරපතල මූල්‍ය වැරදිකරුවකුට ලැබුණේ මන්දැයි ප්‍රශ්න කරමින් ජාතික පුවත්පත් කිහිපයක් ද මෙම පුවත ඉස්මතු කර තිබේ.