
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රශ්න පිටවීමේ ගැටලුවක් හේතුවෙන් මතභේදයට තුඩු දුන් මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුවේ අද දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේය.
මතභේදයට තුඩු දී ඇති ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත් කර තිබිණි.
එමෙන්ම, ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද විමර්ශන ආරම්භ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart