
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවලට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය වෙනුවෙන් වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොළිය ද අඩුකෙරෙතැයි අපේක්ෂා කෙරේ.
එසේම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව පවසා ඇති බවද සඳහන් ය.
“සාකච්ඡා පවතින්නේ අවසන් අදියරේ. කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවය ඉක්මණින් එළඹෙයි” යනුවෙන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් නිලධාරියෙක් හෙළිකළ බව ද ඉන්දියාවේ ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කරයි.
එසේම මූලික එකඟතාවය සම්බන්ධයෙන් ණයහිමි රටවල නියෝජිතයින් ගෙන් සමන්විත කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් 17ක් එම කමිටුවේ සාමාජිකත්වය දරයි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා එම කමිටුව නිර්මාණය කර ඇති අතර නමුත් චීනය එහි සාමාජිකත්වය නොදරයි.
ඔවුන් එම සාකච්ඡා සඳහා එක්වන්නේ නිරීක්ෂකයෙක් වශයෙනි.
චීන ණය ගෙවීමේ ක්‍රමවේදය සහ අනෙක් රටවලට ණය ගෙවීමේ ක්‍රමවේදය එක සමාන කොන්දේසි මත එකඟවන බව ශ්‍රී ලංකාව අදාළ කමිටුවට පොරොන්දු වී තිබේ.
2022 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම පැහැර හැරීයේය. ගෙවීමට ඇති බාහිර ණය ඩොලර් බිලියන 50ක් බව සඳහන්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart