
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට ක්‍රියාත්මක උපයන විට ගෙවන බදු(PAYE Tax) නිදහස් කිරීමේ සීමාව රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා ඉහළ දමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවකට එළඹුණු බවයි.
උපයන විට ගෙවන බදු ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් මතුකර ඇති කනස්සල්ලට ප්‍රතිචාරයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart