
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව විද්‍යුත් ගමන් බලපත්‍රය භාවිතය ආරම්භ කරන තෙක් ඉල්ලුම සපුරාලීම සඳහා Thales DIS Finland OY වෙතින් යන්ත්‍රයෙන් කියවිය හැකි තවත් විදේශ ගමන් බලපත්‍ර මිලියන 1.1 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ඉල්ලා සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
තේල්ස් යනු පසුගිය වසරේ ඊ-පාස්පෝට් මිලියන පහක් සඳහා ටෙන්ඩරය දිනාගත් එකම සමාගමයි.
එය අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද්දේ පරාජිත ලංසුකරු වන Epic Lanka (Pvt) Ltd විසිනි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය ඉදිරියට ගෙන යාම අත්හිටුවමින් පනවා තිබූ අතුරු නියෝගයක් පසුව අධිකරණය විසින් ඉවත් කරනු ලැබීය.
ඒ අනුව නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන තෙක් තේල්ස් වෙතින් “සාමාන්‍ය” ගමන් බලපත්‍ර මිලියන 1.1 ක් මිලදී ගැනීමට අවසර ලබා ගැනීම සඳහා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
(sunday times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart